Channel 4 නාළිකාවේ වීඩියෝව ගැන විමර්ශනයක්

බ්‍රිතාන්‍ය රූපවාහිනි නාළිකාවක් වන චැනල් ෆෝ (4) නාළිකාවේ විකාශය වූ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව වැඩසටහන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම විමර්ශනයට අදාළව පෙරේදා (නොවැ. 11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙම වැඩසටහනේ මොහොමඩ් මිහිලාල් මොහොමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබූ අතර බාහිර සංවිධානයක් විසින් මහජන ආරක්ෂක ආරක්ෂක අමාත්‍යාංශය වෙත මේ පිළිබඳව කරන ලද පැමිණිල්ලක් පොලිස් මූලස්ථානය වෙත යොමු කිරීමෙන් අනතුරුව මෙසේ විමර්ශනය ආරම්භ වී තිබේ.

2023 වසරේ සැප්තැම්බර් මාසයේදී ප්‍රචාරය වූ මෙම සම්මුඛ සාකච්ඡාව වීඩියෝවේ අඩංගු ආන්දෝලාත්මක කරුණු සහ දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් කුමන්ත්‍රණ ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

චැනල් ෆෝ වැඩසටහන ගැන සී.අයි.ඩී.යෙන් විමර්ශනයක් බ්‍රිතාන්‍ය රූපවාහිනි නාළිකාවක් වන චැනල් ෆෝ (4) නාළිකාවේ විකාශය වූ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව වැඩසටහන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Recent News

Editor's Picks

Copyright © 2024 Ceylon Newspapers (Pvt) Ltd. About Us | Contact Us | Privacy Policy ​​