ඉස්සන් ගොවිපළක් සඳහා විල්පත්තුව වෙඩිතලතිව් රක්ෂිත වනාන්තරය ආශ්රිත ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 168ක් මුදා හැරීම සඳහා හිටපු වනජීවී ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් තම අධිකරණය විසින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන වසරේ ජූලි මස 29 වන දා දක්වා තවදුරට ත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (නොවැ. 12) නියෝග කළේ ය.
එකී ගැසට් නිවේදනය සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදු කිරීමට නව රජය තීරණය කර ඇති බව පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆස්ලි රසික් කළ කරුණු දැක්වීමක් සලකා බැලූ එස්. තුරෙයිරාජා, ප්‍රදීප් නවාස් සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝගය
කළේ ය.
වනජීවී ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු වනජීවී විෂය භාර ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම් කර තිබිණි