‘පෞද්ගලික අංශයේ සේවකයන්ට ඡන්දෙට නිවාඩු දෙන්න’- රජයෙන් යළි සිහි කැඳවීමක්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් නිවාඩු ලබා දෙන ලෙස සේවා යෝජකයන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අද (නොවැ. 13) නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා ස්ථානයේ සිට ඡන්දපොළට යා යුතු දුර ප්‍රමාණය අනුව ලබා දිය යුතු අවම නිවාඩු කාලය පහත දැක්වේ.

  • කි.මි. 40ක් හෝ ඊට අඩු නම් – දින භාගයයි
  • කි.මි. 40ත් කි.මි.100ත් අතර නම් – දින එකයි
  • කි.මි. 100 ත් 150 km ත් අතර නම් – දින එකහමාරයි
  • කි.මි. 150ට වැඩි නම් – දින දෙකයි

ඉහතින් දක්වා ඇත්තේ අවම කාලය වන අතර එම කාලය ප්‍රමාණවත් නොවන අවස්ථාවන්හිදී ජන්දය ප්‍රකාශ කිරීමට යෑමට සහ ඒමට නිවාඩු දීමට සිදු වන විට, අවස්ථාවෝචිතව සේවා යෝජකයන් ඒ සම්බන්ධයෙන් දින තුනක නිවාඩුවක් ලබා දිය යුතු බව එම නිවේදනයේ තවදුරට ත් සඳහන් කර තිබේ.

Madushani Perera

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Recent News

Editor's Picks

Copyright © 2024 Ceylon Newspapers (Pvt) Ltd. About Us | Contact Us | Privacy Policy ​​