නව අමාත්‍ය මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්හ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (නොවැ. 18) නව අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම සිදු විය.
එම අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ.
- හරිනි අමරසූරිය – අගමැති / අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වාණිජ අධ්‍යාපන අමාත්‍ය
- විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍ය
- චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා අමාත්‍ය
- හර්ෂණ නානායක්කාර – අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
- සරෝජා සාවිත්‍රි පෝල්රාජ් – කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය
- කේ.ඩී. ලාල්කාන්ත – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය
- අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
- රාමලිංගම් චන්ද්‍රසේකරන් – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
- උපාලි පන්නිලගේ – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
- සුනිල් හඳුනෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
- ආනන්ද විජේපාල – මහජන ආරක්ෂණ සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
- බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරයා හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
- හිනිදුම සුනිල් සෙනෙවි – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
- නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය
- සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
- සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය
- වසන්ත සමරසිංහ – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය
- ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
- අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය
- කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය
- ධම්මික පටිබැඳි – පරිසර අමාත්‍ය