අභිනව පාර්ලිමේන්තුව ලබන 21 වන දා පෙරවරු 10:00ට රැස්වීමට නියමිත ය.
පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව සෙංකෝලය සභා ගැබේ තැන්පත් කළ පසු සභා වාරය ආරම්භ වනු ඇත.
ඒ අනුව, කතානායකවරයෙකු, නියෝජ්‍ය කතානායකවරයෙකු සහ කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර ගන්නා අතර නව කතානායකවරයා පත්කර ගත් පසු ස්තුති කතාව සිදු කරන අතර ඉන්පසු නවක මන්ත්‍රීවරුන් කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත ය.
ඉන්පසු සභා වාරය පස්වරු දක්වා කල් තබන අතර ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පස්වරු 3:00ට සිදු කිරීමට නියමිත ය.
එමෙන් ම, නවක මන්ත්‍රීවරුන්ට එදිනට අසුන් පැනවෙන්නේ නැති අතර ඔවුන්ට රිසි අසුනකින් වාඩිවීමට හැකි බව ද පැවසේ.
- අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය