පසුගිය සැප්තැම්බර් 15 වන දා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (නොවැ. 18) අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත්තේ, එම විභාගය පවත්වනු ලැබූ ආකාරය අභියෝගයට ලක් කරමින් ඊට සහභාගී වූ සිසුන් සහ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ය.
ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.