පොලිස් නිලධාරී අඹු – සැමි යුවළකට පහර දී ප්‍රදේශයෙන් පළා ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු පෙරේදා (නොවැ. 17) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ, ගොවිඳුපුර පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරියක් සහ දමන ප්‍රදේශයේ සේවය කරන පොලිස් නිලධාරියෙකි.
ගොවිඳුපුර පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ, දමන ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරියා සහ යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමක් මත මෙම ගැටුම හට ගෙන ඇති බව ය.
පහර දීමට සම්බන්ධ එක් සැකකරුවෙකු පසුගිය නොවැම්බර් 10 වන දා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නොවැම්බර් 11 සිට 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී පළා ගොස් ඇති අතර, ඔවුන් පෙරේදා නීතීඥයෙකු මාර්ගයෙන් පොලීසියට ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව ගොවිඳුපුර පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
ඔහු තවදුරට ත් සඳහන් කළේ, මෙම පහර දීම සිදුවන අවස්ථාවේදී මෙම පොලිස් නිලධාරි අඹු – සැමි යුවළ සිවිල් ඇඳුමෙන් සැරසී සිට ඇති බව ය.
සැකකරුවන් සිදු කළ ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, මෙම යුවළ පොලිස් නිලධාරින් බව නොදැන පහර දීම සිදු කළ බව ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඊයේ (නොවැ. 18) සියඹලාන්ඩුව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මේ පිළිබඳ ගොවිඳුපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
- නඳුන් ගුණතිලක – බිබිල