දෙසැම්බර් මස මැද භාගයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ නිල සංචාරයක් සිදු කරන්නේ යැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවැසීය.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (නොවැ. 18) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග එම සංචාරය අතරතුර නිල මට්ටමේ සාකච්ඡා සිදු කිරීමට නියමිත බව ය.
ජනාධිපතිවරයා ඉන්දියාවේ නිල සංචාරයක් සිදු කරන බවට පළවන වාර්තා සත්‍ය ද යන්න පිළිබඳ මාධ්‍ය සිදුකළ විමසීමේදී ඔහු මේ බව පැවැසීය.
- සචිත්‍ර පෙරේරා