‘රවීගේ නම ලැයිස්තුවට ඇතුළත් කිරීම අත්තනෝමතික තීරණයක්’- රනිල් කියයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ, පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව අත්නෝමතික ආකාරයකට බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබඳව එම පක්ෂයේ නියෝජිතයන්ට දැනුම් දී ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පක්ෂයේ සියලු සාමාජිකයන් අද (නොවැ. 19) පෙරවරුවේ කොළඹදී රැස්වී තීරණයක් ගැනීමට නියමිතව සිටි බව හිටපු ජනාධිපතිවරයා සදහන් කර ඇත.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, තමන් එම තීරණය ගැනීමට පෙර පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව ක්‍රියා කර තිබෙන බව ය.

රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු වන අතර සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සියලු පක්ෂවල නියෝජිතයන් රැස්වී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමට නියමිතව තිබියදී මෙලෙස අත්තනෝමතිකව කටයුතු කිරීම අනුමත කළ නොහැකි යැයි ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත.

  • අමිත් මධුරංග ගමගේ

Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Recent News

Editor's Picks

Copyright © 2024 Ceylon Newspapers (Pvt) Ltd. About Us | Contact Us | Privacy Policy ​​