පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ කටයුතු ආරම්භ කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසයි.
mawbimanews.lk සිදු කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේ ය.
සභාපතිවරයා සඳහන් කළේ, ඡන්ද මධ්‍යස්ථාන 13, 314ක් සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය කිරීම අද (නොවැ. 13) සිදු කරන බව ය.
මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,352ක සංඛ්‍යාවක් තරග කරන අතර ඒ අතරින්, අපේක්ෂකයින් 5, 006ක් පිළිගත් පක්ෂවලින් ඉදිරිපත් වී සිටිති.
ස්වාධීන අපේක්ෂකයින් සංඛ්‍යාව 3, 346කි.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම හෙට (නොවැ. 14) උදෑසන 7:00ට ආරම්භ වීමට නියමිත ය.
ඒ අනුව, ඡන්ද ගණනය කිරීමේදී තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4:15ට ආරම්භ කරන අතර සාමාන්‍ය ඡන්ද පස්වරු 7:15ට පමණ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.