අරුගම්බේ ප්‍රදේශයේ ගමන් කිරීමෙන් වළකින ලෙස නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබ තිබේ.
mawbima.lk සිදු කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරිනියක මේ බව සඳහන් කළා ය.
ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරක ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල විය හැකි ප්‍රහාරයක් පිළිබඳ විශ්වසනීය තොරතුරු ලැබුණ බව ශ්‍රි ලංකා අමෙරිකානු තානාපති කාර්යාලය ඔක්තෝබර් 23 වන දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
එමෙන් ම, ශ්‍රි ලංකා අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇඟවීම් නිවේදනයෙන් පසු රටවල් කිහිපයක් ද ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබිණි.