2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්ද 6,863,186ක් ලබා තුනෙන් දෙක ඉක්මවූ බහුතරයක් හිමි කරගෙන තිබේ.
එය ප්‍රතිශතයක් ලෙස 61.56%කි.
ඒ අනුව, ජාතික ජන බලවේගය දිස්ත්‍රික් ආසන 141ක් ලබා ගෙන ඇති අතර ජාතික ලැයිස්තුවෙන් ආසන 18ක් ලබා ගෙන සමස්ත ආසන 159ක් හිමි කරගෙන ඇත.
සමගි ජන බලවේගය ලබා ගත් සමස්ත ඡන්ද ප්‍රතිඵල වන්නේ, 1,968,716ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 17.66%කි.
එහිදී, එම පක්ෂය දිස්ත්‍රික් ආසන 35ක් හිමි කරගෙන ඇති අතර ජාතික ලැයිස්තුවෙන් ආසන 5ක් හිමි කරගෙන සමස්ත ආසන 40ක් හිමි කරගෙන ඇත.
තව ද, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඡන්ද 257,813 හිමි කරගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 2.31%කි.
එම පක්ෂය හිමි කර ගත් ආසන සංඛ්‍යාව 8ක් වේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 500,835ක් හිමි කරගෙන ආසන 5ක් හිමි කර ගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 350,429ක් ලබා ගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 3.14%කි.
එම පක්ෂය ආසන 3ක් හිමි කරගෙන තිබේ.