30ට කලින් හිඟ බදු නොගෙව්වොත් මෙන්ඩිස් සමාගමේ බලපත්‍ර අහෝසි වෙයි

නොවැම්බර් 30 වන දාට පෙර හිඟ බදු මුදල් නොගෙවන්නේ නම් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍ර අහෝසි කරන බව සුරා බදු දෙපාර්තුමේන්තුව පවසයි.

mawbima.lk සිදුකළ විමසීමකදී එම දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් (අධ්‍යන හා පර්යේෂණ) මාධ්‍ය ප්‍රකාශක රොෂාන් පෙරේරා මේ බව සඳහන් කළේ ය.

මේ මස 30 වන දාට පෙර මෙන්ඩිස් සමාගමට හිඟ බදු සියල්ල ගෙවීමට අවස්ථාව ලබා දී ඇති අතර හිඟ බදු ගෙවන තෙක් එම සමාගමේ නිෂ්පාදන කටයුතු ද සීමා කර ඇති බව ද ඔහු පැවසීය.

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට ඔක්තෝබර් 14 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිරදඬුවම් නියම කළේ ය.

මේ වනවිට මෙන්ඩිස් සමාගම විසින් රජයට ගෙවිය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 5ක් ඉක්මවා තිබේ.

  • අතිරේක වාර්තාකරණය – මධුෂානි පෙරේරා

Anjali Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Recent News

Editor's Picks

Copyright © 2024 Ceylon Newspapers (Pvt) Ltd. About Us | Contact Us | Privacy Policy ​​