අලුත් මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ කවුළු 10ක්

10 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ සියලු මන්ත්‍රීවරුන්ගේ ලියාපදිංචිය සඳහා අද (නොවැ. 19) සහ හෙට (නොවැ. 20) දෙදින තුළ පාරිමේන්තු පරිශ්‍රයේ විශේෂ කවුළු දහයක් විවෘත කර තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න පැවසිය.

ලියාපදිංචි වීමේදී මන්ත්‍රීවරුන්ගේ ඡායාරුපයක් ගැනීම සහ ඇඟිලි සලකුණු ලබා ගැනීම ද සිදු කෙරේ.

එබැවින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචියට අවශ්‍ය අයැදුම්පත සම්පුර්ණ කර තිබීමෙන් ඉහත කටයුතු පාර්ලිමේන්තුවේ විවෘත කර තිබෙන විශේෂ කවුළු තුළින් කඩිනමින් කර ගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

ලියාපදිංචි කටයුතු සඳහා අද සහ හෙට දෙදින තුළ පෙරවරු 9:30 සිට පස්වරු 3:30 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේ කවුළු 10 විවෘතව තැබේ.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ඇත්තේ, 116කි.

නමුත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාට ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට නොහැකි බැවින් මන්ත්‍රීවරු 43 දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත ය.

  • අනුර බාලසූරිය

Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Recent News

Editor's Picks

Copyright © 2024 Ceylon Newspapers (Pvt) Ltd. About Us | Contact Us | Privacy Policy ​​