කොළඹ කොටුව සහ තලේමන්නාරම අතර දුම්රිය ධාවනය යළිත් ඊයේ (නොවැ. 12) ආරම්භ කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.
මහව සහ අනුරාධපුර අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ තලේමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය මෙලෙස යළි ධාවනය ආරම්භ කර ඇත.
ඒ අනුව, අද සිට කොළඹ කොටුව සහ තලේමන්නාරම අතර පහත පරිදි දුම්රිය ධාවනය වේ.
- අංක 5003 – කොළඹ කොටුව – තලේමන්නාරම
කොළඹ කොටුව පිටත්වීම ප.ව.16:15 තලේමන්නාරම ළගාවීම ප.ව. 22:15 ඊයේ දින සිට - අංක 5004 – තලේමන්නාරම – කොළඹ කොටුව
තලේමන්නාරම පිටත්වීම පෙ.ව. 4.15 කොළඹ කොටුව ළගාවීම පෙ.ව.10.15 අද (නොවැ. 13) සිට
එම නිවේදනය පහතින් දැක්වේ.