තනි කෙනකුටඅවම අවශ්‍යතා සඳහාමසකට 16,000ක් ඕනෑ

සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අවම වශයෙන් එක් පුද්ගලයෙකුට මසකට රුපියල් දාසය දහස් එකසිය පනස් දෙකක් (රුපියල් 16,152) අවශ්‍ය වන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මෙරට දුප්පත්කම සම්බන්ධයෙන් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක් මගින් එලෙස ප්‍රකාශ කරයි.

එම වාර්තාවට අනුව, කොළඹ ප්‍රදේශයේ ජීවත්වන අයෙකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා රුපියල් 17,420ක මුදලක් මසකට අවශ්‍ය වන අතර අඩු ම මුදලක් අවශ්‍ය වන්නේ මොනරාගල ප්‍රදේශයේ ජීවත්වන අයෙකුට වේ. එය රුපියල් 15,444කි.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන පරිදි අවශ්‍ය එම මුදල සිය මූලික අවශ්‍යතා සඳහා පමණක් වන අතර විනෝදාස්වාදය හෝ අමතර වියදම් සඳහා හෝ ඉතිරි කිරීම සඳහා නොවේ.

ඔවුන් එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ, දරිද්‍රතාවෙන් පෙළෙන පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 16,152ක මුදලක් අවශ්‍ය වන බව ය.

මෙරට ඇති සමහර ආයතන මසකට රුපියල් 26,000න් 30,000ත් අතර මුදලක් සේවකයන් හට වැටුප් ලෙස ගෙවන බවට හා නිසි වෙලාවට අදාළ වැටුප් නොගෙවන බවට ද තොරතුරු වාර්තා වන අතර එම හේතුව මත මෙරට බොහෝ පවුල්වලට ආර්ථික දුෂ්කරතා ඇති වී ඇති බව ද එම හේතුව මත බොහෝ පවුල් සංස්ථා කඩා වැටී ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

එවැනි වැටුප් ලබාගන්නා ඇතැම් පිරිස් තුන්වේලකින් දෙවේලක් පමණක් ආහාර ලබා ගෙන සිය ජීවිකාව ගෙන යන බවට ද තොරතුරු වාර්තා වන අතර සමහර ආයතන ඉතා අඩු වැටුප් ගෙවීම මත එවැනි ආයතනවල සේවය කරන්නන් හට රැකියා කිහිපයක් කිරීමට සිදු වී ඇති බව ද තොරතුරු වාර්තා වේ.

මේ අතර, සමහර ආයතන සිය සේවකයන්ට ගෙවනු ලබන්නේ 2015 සහ 2016 යන වසරේ ලබා දුන් වැටුප් ප්‍රමාණය වන බවට ද තොරතුරු වාර්තා වෙනු ලැබේ.

Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Recent News

Editor's Picks

Copyright © 2024 Ceylon Newspapers (Pvt) Ltd. About Us | Contact Us | Privacy Policy ​​