කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ යුතු කාලගුණ විද්‍යාඥයන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එහි කාර්යයන් පවත්වාගෙන යෑමේදී ගැටලු රැසකට මුහුණ දී ඇති බව වාර්තා වේ.
එම දෙපාර්තමේන්තුවට අනුයුක්තව කාලගුණ විද්‍යාඥයන් 38 දෙනෙකු සිටිය යුතු වුවත් මේ වන විට දස දෙනෙකුගේ පමණ පුරප්පාඩුවක් පවතින බව එහි ඉහළ නිලධාරියෙක් පැවසීය.
එහි සේවය කළ කාලගුණ විද්‍යාඥයන් අතරින් කිහිප දෙනෙක් විශ්‍රාම යෑම මෙන් ම තවත් කිහිප දෙනෙක් විදේශගත වීම හේතුවෙන් මේ පුරප්පාඩු මතුව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
තරග විභාග නොපැවැත්වීම හේතුවෙන් බඳවා ගැනීමේ පටිපාටිය ද ඇනහිට ඇතැයි ද හෙතෙම කීය.
කාලගුණ වෙනස්වීම් සම්බන්ධයෙන් අනාවැකි පළ කිරීමට විශාල දත්ත ප්‍රමාණයක් අධ්‍යයනය කළ යුතු නිසා ලැබෙන තොරතුරු අධ්‍යයනය කොට අනාවැකි පළ කිරීමට ප්‍රමාණවත් තරම් අනාවැකිකරුවන් නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.
මේ හේතුවෙන් මත්තල ගුවන්තොටුපළේ සේවය කළ කාලගුණ විද්‍යාඥයන් නැවත කොළඹට ගෙන්වා ගැනීමට සිදු වූ බවද හෙතෙම පැවසීය.
එමෙන් ම, කාලගුණ දත්ත නිරීක්ෂකයන් 50කගේ පමණ පුරප්පාඩුවක් පවතින බව ද එම නිලධාරියා පෙන්වා දුන්නේය.