ආණ්ඩුව ප්‍රකාශ කළ කරුණු අද වන විට බොරු බවට පත්වී ඇති නිසා ජනතාවගේ ඡන්දය පාවිච්චි කිරීමේ උනන්දුව පහව ඇතැයි සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පිවිතුර හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.
තලංගම දකුණ, විද්‍යාවර්ධන මහා විද්‍යාලයේදී අද (14) පෙරවරුවේ සිය ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීය.
” ආණ්ඩුව බොරු කීම පිළිබඳව ඔබ තුළ ඇති කැකෑරෙන වේදනාව කේන්තිය අද කතිරයකින් පිට කරගන්න. තව අවුරුදු පහකට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔබේ බලය ඔබේ හැඟීම කතිරයක් ලෙසින් පිට කරන්න කියලා අපි සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටිනවා. ” යැයිද ඒ මහතා පැවසීය.
සවනි ශේශාධි